මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වීමේ සූදානමක

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සිය නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව අද (12) දින ඔහු සිය අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බාර දීමට නියමිත බව වාර්තා වේ.

ටෙස්ට් තරග 34කදී, එක්දින තරග 98කදී හා විස්සයි20 තරග 12කදී මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදී තිබුණි.

කෙසේ නමුත් පසුගියදා මැතිව්ස් කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වන්නේද යන්න පිළිබඳ තවම තීරණයක් ගෙන නොමැති බවය. ටෙස්ට්, එක්දින සහ විස්සයි20 සියලු තරග මුහුණුවර යටතේම ශ්‍රී ලංකාවට වඩා ගව් ගණනක් පහළින් සිටින සිම්බාබ්වේ වැනි කණ්ඩායමක් හමුවේ සිය රටේදීම තරග 3-2කින් එක්දින තරගාවලියක් පරාජය වීමේ අවමානය විඳ දරාගනිමින් මැතිව්ස් මේ අදහස් පළකළේ පෙරේදා සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති අවසන් එක්දින තරගයෙන් පසුවය.

‘නායකත්වයෙන් ඉවත් වෙනවද කියලා තවම හිතුවේ නෑ. ඒ ගැන තේරීම් කමිටුවත් එක්ක කතා කරන්න ඕනා. දැනට නම් එහෙම අදහසක් නෑ.’ ඔහු කීවේය.

‘මේ පරාජය මගේ ක්‍රිකට් ජීවිතයේ අන්තිම නරක එකක්. ඒ වගේම සෑහෙන කාලයකට අමතක කරන්න බැරි දුක්මුසු පරාජයක්. හැම දෙයක්ම අපිට එරෙහිව ගියා. කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේ සිටම. ඒත් මට නිදහසට කරුණු කියන්න අවශ්‍ය නෑ. අපි තරගාවලිය පුරාම හොඳට බැට් කරලා දිනන්නම ඕන තරගයේදී දුර්වල වුණා. අපි විහින් පරාජය වුණේ.’ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *