රජය සියලු කටයුතු සිදුකරන්නේ බුදුදහම ආරක්ෂා කිරීමට බව අගමැති පවසයි

(කොළඹ, ලංකාපුවත්) – වත්මන් රජය සියලු කටයුතු සිදුකරන්නේ බුදුදහම ආරක්ෂා කිරීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දහන් කරයි.

බුදුදහම මෙන්ම කිසිදු ආගමක් අපහසුතාවට පත්වන අයුරින් රජය ක්‍රියා කරන්නේ නැති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

තරුණ භික්ෂු එකමුතුවේ ස්වාමීන් වහන්සේලා පිරිසක් සමඟ අද(12) උදෑසන අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් කියා සිටියේය.

විහාරස්ථාන පාලනය කිරීමට හෝ විහාරස්ථානවල කටයුතුවල මැදිහත්වීමට රජයට කිසිදු බලයක් නොමැති බව පැවසූ හෙතෙම, මාධ්‍ය විසින් නැති ප්‍රශ්න මැවීමට උත්සහ ගන්නා බවත් කිසි විටෙකත් ආගම සමඟ දේශපාලනය නොකරන ලෙසත් අගමැතිවරයා මෙහිදී දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටියේය.

කෙසේ අද වන විට බෞද්ධ ආගම සම්බන්ධයෙන් අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් සිටිනනේ ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් බව ද අගමැතිවරයා පැවසීය.

මේ අතර යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විට සකස් කරමින් සිටින අතර ඒ තුළින් බුදු දහමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය අහිමි නොකරන බව ද අගමැතිවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen + 19 =