ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

ඒ අනුව දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වය හිමි වී ඇත්තේ උපුල් තරංගටය.

ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්වේ.

රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සදකැන්, විශ්ව ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර හා ලහිරු කුමාර ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකයින් වේ.

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන ටෙස්ට් තරගය අනිද්දා (14) ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *