සුප්‍රකට පුවත්පත් කාටූන් ශිල්පියෙක් දිවියෙන් සමු ගනී

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ මෙන්ම ජාත්‍යන්තරයේද සුප්‍රකට පුවත්පත් කාටුන් ශිල්පියකු වූ මන්ගේශ් තෙන්ඩුල්කාර් සිය දිවි ගමන නිම කරමින් අභාවප්‍රාප්ත වී ඇත.

පූනේ හි ජීවත් වූ ඔහු මිය යන විට 82වන වියේ පසු විය.

පිත්තාශයේ රෝගාබාධයකින් පීඩා විඳි ඔහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.

සිය අවසන් කාටුන් ප්‍රදර්ශන පැවැත්වුණු පසුගිය මාසය තෙක්ම ඔහු ක්‍රියාශීලීව සිටි බව එන් ඩී ටී වී පුවත් සේවය වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *