හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකට රට යෑම තහනම්

(කොළඹ, ලංකාපුවත්) – පුද්ගලයින් 11දෙනෙකු පැහැර ගෙන ගොස් කප්පම් ලබා ගෙන අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් ඊයේ(11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් සැකකරු ලෙස නම් කළ නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඩී.කේ.පී. දසනායක මහතාගේ විදෙස් ගමන් මින් පෙර අධිකරණය විසින් තහනම් කර තිබුණි.

ඔහු විසින් පාඨමාලවක් හැදෑරීම සඳහා අමෙරිකාවට යාමට පසුගියදා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

අද(12) එහි නියෝගය ලබා දුන් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පෙන්වා දුන්නේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට සිටිනා සැකකරුවෙකු වන බැවින් විදේශ ගත වීමට අවසර දිය නොහැකි බවය.

ඔහු දැනට වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝගයක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

කෙසේ නමුත් ඔහු සැකකරු වශයෙන් නම් කර තිබෙන නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝගයක් අවශ්‍ය නැති බවත් අවශ්‍ය පොලිස් බලතල භාවිත කර ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *