හින්දු වන්දනා නඩයේ හතක් ඝාතනය කිරීම අගමැති හෙළා දකියි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව වශයෙන් කාශ්මීරයේ සාමකාමී හින්දු වන්දනා නඩයකට කළ ත්‍රස්ත පහරදීම හෙළා දකින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පුද්ගලයින් හත්දෙනකු එහිදී ඝාතනයට ලක් වී තිබුනි. අගමැතිවරයා සිය ‘ට්විටර්’ ගිණුම වෙත පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.

එම සිදුවීම පිළිබඳව කණගාටු වන බවත් ඒ වෙනුවෙන් යහපත පතන සියල්ලන් විපතට පත්වූවන් වෙනුවෙන් සිටින බවත් අගමැතිවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා තිබුණි. අදාළ බස් රථය අමරනාත් ලෙන් සිද්ධස්ථානයේ සිට ආපසු පැමිණෙන අතරතුර අනන්ත්නාග් ප්‍රදේශයේදී ප්‍රහාරය එල්ල වී ඇත.

ජීවිතක්ෂයට පත්වූවන් අතර කාන්තාවන් 6 දෙනෙකු ද වන බව දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *