ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා ශ්‍රී ලංකා ජල තීරයට පැමිණීම තවදුරටත් අඩාල කරනවා – ඇමති අමරවීර

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා ශ්‍රී ලංකා ජල තීරයට පැමිණීම තවදුරටත් අඩාල කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

විදේශ ධීවර යාත්‍රා පනත මගින් මේ සදහා ප්‍රතිපාදන සැලසෙන බව අමාත්‍යවරයා කියා සිටියේය.

ධීවර අමාත්‍යාංශයේ පැවති රැස්වීමක් අමතමින් මහින්ද අමරවිර මහතා තවදුරටත් කියා සිටියේ අපේ රටේ මුහුදු සීමාවට පැමිණ වැඩිම මුහුදු මංකොල්ලයක් සිදු කරන්නේ ඉන්දීය ධීවරයන් බවය.

එසේ තිබියදී විදේශ ධීවර යාත්‍රා පනත හකුලා ගන්නැයි කියමින් රාමේෂ්වරන් ධීවරයින් උද්ඝෝෂණය කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රජය ක්‍රියා කරන්නේ අපගේ ධීවර ප්‍රජාවගේ උන්නතිය සදහා බව ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

අපගේ මුහුදට අනවසරයෙන් ඇතුළු වී ධීවර සම්පත් කොල්ලකන යාත්‍රාවලට මිලියනයේ සිට මිලියන 100 දක්වා දඩ මුදලක් පැනවිමට නව පනත් කෙටුම්පතෙන් යෝජනා වි තිබේ. මෙම මුදල රුපියල් මිලියන 175 දක්වා වැඩි කිරීමට ද යෝජනා වී ඇතැයි මහින්ද අමරවීර මහතා වැඩිදුටත් කියා සිටියේය.

ඉන්දීය රජය මේ සම්බන්ධයෙන් දක්වන යහපත් ප්‍රතිචාර හේතුවෙන් ඉන්දීය ධිවර යාත්‍රා 42ක් ළගදිම නිදහස් කිරිමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා එම සාකච්ඡාවේදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *