නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වයට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවරට ප්‍රසාදය

(කොළඹ, ලංකාපුවත්) – නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියා මාර්ග අගය කරන බව දකුණු ආසියානු කලාපීය (සාර්ක්) සම්මේලනයේ ප්‍රධාන ලේකම් අම්ජාඩ් හුසේන බී. සියල් මහතා පවසයි.

දකුණු ආසියානු කලාපීය සම්මේලනයේ ප්‍රධාන ලේකම්වරයා සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා අතර හමුවක් එම අමාත්‍යංශයේ දී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාර්ක් සම්මේලනයේ ප්‍රධාන ලේකම්වරයා මෙසේ ද පැවසීය.

“නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීම සදහා ශ්‍රි ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරනවා. අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සදහා ගෙනඅඇති ක්‍රියාමාර්ග පිළිබඳ අතිශයින් සතුටු විය හැකියි. වත්මන් ශ්‍රී ලංකා රජය රට තුළ ජාතීන් හා ආගම් අතර සහජීවනය ඇති කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රශංසනීය වෙනවා.”

කලාපීය වශයෙන් ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී කරුණු හුවමාරු විය.

වචන 06 තත්පර 05

Leave a Reply

Your email address will not be published. Required fields are marked *