IS ත්‍රස්ත නායකයා ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – අයි එස් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බග්දාදි ජීවිතක්ෂයට පත්වූ බව ස්ථීර වශයෙන්ම තහවුරුවී ඇති බව සිරියාවේ මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානයක් පවසා ඇත.

එය අයි එස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් තහවුරු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉරාක ඒකාබද්ධ හමුදා මොසූල් නගරයේ බලය අත්පත්කර ගැනීමත් සමග ත්‍රස්ත නායකයාගේ මරණය තහවුරු කළද, මීට පෙර අවස්ථා කිහිපයකදීම ඔහු ඝාතනයට ලක්වූ බව විවිධ පාර්ශ්ව විසින් ප්‍රකාශ කිරීම හේතුවෙන් එය සැකයට බදුන්වී තිබුණි.

කෙසේ වෙතත් බග්දාදි මරණයට පත්වූයේ නම් අයි එස් සංවිධානයට දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවට විශ්වාස කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *