කොළඹ කොටස් වෙළෙඳ පොළ දෙවැනි ඉහළම ආයෝජනයත් වාර්තාවේ

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ කොටස් වෙළෙඳ පො‍ළ ඉතිහාසයේ වාර්තා වූ දෙවැනි ඉහළම ශුද්ධ විදේශ ආයෝජනය ඉකුත්දා වාර්තාවීම සතුටක් බව කොටස් වෙළෙඳ පොළ සභාපති රේ. අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

වසර 1992 දී විදේශිකයන්ට කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු කිරීමට ලබාදුන් අවසරය නිසාම කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ඉහළයෑම් ඇරඹිණි.

ඒ අනුව එදා මෙදාතුර දෙවැනි ඉහළම ආයෝජනය රුපියල් බිලියන 22.8ක් ඉකුත් 10 වැනිදා වාර්තා කිරීම සුබ පණිවුඩ ලබාදෙන බවද සභාපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාව නව ආයෝජනයට තෝතැන්නක් බවට පත්වන ලකුණු පහළ වෙමින් පවතියි. මේ තත්ත්වය මත ඉදිරි වසර කිහිපය තුළ රටේ ආයෝජන ඉහළ යන බවට විශ්වාසය තැබිය හැකි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *