සැම පුරවැසියෙකුටම ඉලෙක්ට්‍රොනික් අංකයක්

(කොළඹ, ලංකාපුවත්) – සෑම ශ්‍රී ලාංකිකයෙකු සඳහාම නිෂ්චිත විද්‍යුත් ලියාපදිංචි අංකයක් ලබා දීමට රජය පියවර ගන්නා බව ඊයේ(12) පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කෙරුණි.

එමගින් සහනාධාර හා වෙනත් ප්‍රතිලාභ කඩිනමින් ජනතාව අතට පත් කිරීමට පියවර ගනු ඇත.

දියුණු රටවල පුරවැසියන් සඳහා නිෂ්චිත අංකයක් ලබා දී ඇත්තේ ඔවුන්ගේ සේවා පහසුව සඳහාය. සියලුම සේවාවන් හා දෛනික කටයුතු සිදු කෙරෙන්නේ එම අංකය මගිනි.

එමගින් සේවා දායකයන්ට වාසි රැසක් අත්වේ. ඇතැම් රටවල හැඳුනුම්පත් අංකය, රියදුරු බලපත්‍ර අංකය යනාදී සියලුම අංක තනි කේතයකින් හඳුන්වනු ලැබේ. එය ඉලෙක්ට්‍රොන්ක ගතකර තිබීම ද විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 − 1 =