සෞදියේ ගින්නකින් විදෙස් ශ්‍රමිකයන් 11ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – සෞදි අරාබියේ රාත්‍රියේ ඇති වූ ගින්නකින් විදෙස් ශ්‍රමිකයන් 11දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

විදෙස් ශ්‍රමිකයන් පිරිසක් නවාතැන් ගෙන සිටි ස්ථානයක මෙලෙස ගින්නක් හට ගෙන ඇත.

නිරිතදිග නජ්රාන් නගරයේදී බංග්ලාදේශ සහ ඉන්දීය ජාතික පිරිසක් මෙලෙස රාත්‍රී නින්දේ සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වේ.

රාත්‍රී නින්දේ සිටි ශ්‍රමිකයන් පිරිස ගින්නත් සමග ඇති වූ දුමාරයෙන් හුස්ම ගැනීමට නොහැකිව ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.

සෞදි අරාබියේ විදේශිකයින් මිලියන 09 ක් පමණ සේවය කරන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දකුණු ආසියානුවන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *