මාර්ක් සකර්බර්ග් ගේ නිල Facebook ගිණුමේ කවරයේ පිංතූරය

(කොළඹ, ලංකාපුවත්) – ඔබට මෙම පින්තූරය දකින විට පෙනෙන්නේ කුමක්ද ? ලෝක සිතියමක ග්‍රාෆික නිර්මාණයක් ?

ඔව් ඔබ හරි එහෙත් මෙහි ඊට වඩා විශේෂත්වයක් තිබේ.

පසුගිය ජූනි 28 වනදා සිට Facebook නියමු මාර්ක් සකර්බර්ග් ගේ නිල Facebook ගිණුමේ කවර පින්තූරය ලෙස යාවත්කාලීන කොට තිබුනේ මෙයයි. මෙහි දැක්වෙන්නේ මේ වන විට ලොවපුරා විසිරී ඇති Facebook ගිණුම් ජාලයේ ගලායාමය.

පසුගියදා මුහුණු පොත් ගිණුම් බිලියන 02 පසුකල බව මාර්ක් සකර්බර්ග් පවසා සිටියි.

මෙම ජාල ග්‍රාෆික නිර්මාණයේ දැක්වෙන ආකාරයට ලෝකයේ බොහෝ රටවල් Facebook ජාලය භාවිතා කරන නිසා බොහෝ මතුවී පෙනුන අතර Facebook ජාලය අවහරි කර ඇති චීනය හා රුසියාව වැනි රටවල් තවමත් මතුවී නැත.

(තොරතුරු – හසිත හේරත්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *