ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේදී විශේෂ තාරකා විද්‍යා දේශනයක්

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් සරසවියේ සේවය කළ ආචාර්ය එලීනා ට(ර්)ලෙවිච් මහත්මිය විසින් “තරුවක උපත සහ විශ්වයේ එදා සිට අද දක්වා මූලද්‍රව්‍ය වල විකාශනය” යන තේමාව යටතේ විශේෂ තාරකා විද්‍යා දේශනයක් ලබන සෙනසුරාදා (15) ප.ව. 6.00 සිට ප.ව.7.30 දක්වා ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ දී පවත්වනු ලැබේ.

කේම්බ්‍රිජ් සරසවියෙන් සිය ආචාර්ය උපාධිය ලබාගත් ආචාර්ය එලීනා ටර්ලෙවුච් මහත්මිය, සසෙක්ස් විශ්ව විද්‍යාලයේ රාජකීය ග්‍රිනිච් ග්‍රහලෝකාගාරයේ සහ කේම්බ්‍රිජ්හි තාරකා විද්‍යා ආයතනයේද සේවයකොට ඇති ප්‍රවීණ විද්‍යාඥවරියකි.

ඇය දැනට මෙක්සිකෝවේ තාරකා භෞතික විද්‍යා, ප්‍රකාශ විද්‍යා හා ඉලෙක්ට්‍රෝනික විද්‍යා ආයතනයේ සේවය කරනු ලබයි.

තාරකා විද්‍යාවට ලැදි උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මේ සඳහා සහභාගී විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *