හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර දුම්රියෙන් පැමිණී මගින්ව බස් රථ වලින් දුම්රිය දෙකට මාරු කරයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා අද(13) රාත්‍රියේ ධාවනය විමට නියමිතව තිබු රාති‍්‍ී තැපැල් දුම්රිය සහ බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය විමට නියමිතව තිබු රාති‍්‍ර තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය සාමාන්‍ය අධිකාරි විජේය සමරසිංහ මහතා පැවසීය.

හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර කොටගල අඩි හැටේ පාලම අසලදි කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ඊයේ (12) ගමන් ආරම්භ කළ රාති‍්‍ර තැපැල් දුම්රිය අද (13) අලූයම පිලි පැනිම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

මෙම දුම්රිය අනතුරින් දුම්රිය මැදිරි හතරකට, දුම්රිය පාලමට සහ දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදුවි තිබේ.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රියේ මගින්ව හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර ලංගම බස් රථ වලින් ප‍්‍රවාහනය කර එම දුම්රියන් දෙකට මාරුකර ඇත.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා අද (13) ධාවනය වු පොඩි මැණිකේ දුම්රියේ විදේශිකයන් විශාල පිරිසක් පැමිණ සිටි බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *