ලන්ඩනයේ පුද්ගලයන් 05 දෙනෙකුට ඇසිඩ් ප්‍රහාර එල්ල කළ තරුණයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –බ්‍රිතාන්‍යයේ නැගෙනහිර ලන්ඩනයේ පුද්ගලයන් 05 දෙනෙකුට ඇසිඩ් ප්‍රහාර එල්ල කළ තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයින්ට මෙම තරුණයා ඇසිඩ් ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වේ.

පිළිස්සුම් තුවාල ලැබූ මෙම පුද්ගලයින් පස්දෙනා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත. ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව ලන්ඩන් වාර්තා සදහන් කළේය.

2015 වසරේදී පමණක් ලන්ඩනයේ ඇසිඩ් ප්‍රහාර 261ක් එල්ල වී තිබේ. පසුගිය වසරේ එම සංඛ්‍යාව 458ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට බලධාරීන් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *