අමෙරිකාව – ප්‍රංශය ත්‍රස්ත තර්ජනය මැඩලීමට එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාව සහ ප්‍රංශය ත්‍රස්තවාදී තර්ජනයේ දී එක්ව ක්‍රියා කිරීමට එකඟ වී තිබේ.

මේ බව ප්‍රකාශ කෙරුණේ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රංශ සංචාරය අතරතුර බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(13) ප්‍රංශයේ සංචාරයක නිරත විය. එහි දී ට්‍රම්ප් කියා සිටියේ සිරියානු සහ ඉරාක අර්බුදයේ දී දෙරට එක්ව ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන බවය.

පැරිස් සම්මුතියෙන් ඉවත් වීමට අමෙරිකාව ගත් තීරණයට එකඟ වන නමුත් තමා දිගටම පැරිස් සම්මුතියේ රැඳී සිටින බව ප්‍රංශ ජනාධිපති එමෑනුවෙල් මැක්‍රොන් පවසා ඇත.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පැරිස් සම්මුතියේ රැඳී සිටීම වැදගත් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *