ඉන්දීය ජනාධිපතිවරණයෙන් රාමනාත් කෝවින් ඉදිරියෙන්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ජනාධිපතිවරණය ඊයේ (17)පැවැත්වුණි. ඉන් රාමනාත් කෝවීන් ඉදිරියෙන් සිටින බව ඉන්දීය වාර්තා සදහන් කර සිටියි.

රාම්නාත් කෝවින් භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් ඉන්දීය ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටි.

විපක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ මීරා කුමාර් ය.

ඊයේ උදෑසන දහයට පමණ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වූ අතර එය පස්වරු පහට පමණ අවසන් කෙරුණි.

ඉන්දීය ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4,896 දෙනෙකු සුදුසුකම් ලබා සිටියි. ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු දේශපාලන ප්‍රධානීන් රැසක් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිටින අයුරු දැකගත හැකි විය.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ලබන 20වනදා නිකුත් කිරීමට නියමිතය.

මින් ජයග්‍රහණය කරන අපේක්ෂකයාට වසර පහකට ඉන්දීය ජනාධිපති ධූරය හිමිවේ.

ජනාධිපතිධුරයට පත්වන තැනැත්තා ලබන විසිහත් වනදා දිවුරුම් දීමට නියමිතයි. 2012 වසරේ සිට ඉන්දීය ජනාධිපති ධූරයේ කටයුතු කළේ ප්‍රනාබ් මුඛර්ජි මහතාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *