උඩරට දුම්රිය මාර්ගයේ අඩි හැටේ පාලම අලුත්වැඩියා කිරීමේ කටයුතු ඉදිරි සති 03 තුළදී

(කොළඹ, ලංකාපුවත්) – උඩරට දුම්රිය මාර්ගයේ අඩි හැටේ පාලම අලුත්වැඩියා කිරීමේ කටයුතු ඉදිරි සති තුන තුළදී සිදු කිරීමට හැකි වන බව දුම්රිය දෙපාර්ථමේන්තුව සදහන් කරයි.

මෙම පාලම වෙනුවට නව යකඩ පාලමක් සවි කිරීම සම්බන්දයෙන්ද දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බවයි පාලම් අංශයේ ප්‍රධාන ඉංජිනේරු රංජිත් විජේසිරි මහතා පැවසීය.

ඉකුත් 13 වනදා රාත්‍රී තැපැල් දුම්රියේ මැදිරි හතරක් පීලි පැනීමත් සමග උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ කොටගල අතර හැටේ පාලමට සහ දුම්රිය මාර්ගයට දැඩි අලාභහානි සිදු විය.

කොළඹ, නාවලපිටිය සහ බදුල්ල දුම්රිය නඩත්තු අංශ වල සේවකයින් දොඹකරයක සහය නොමැතිව දැඩි කැපවීමක් හා පරිශ්‍රමයක් දරා දුම්රිය මැදිරි හතර යළි පීලි ගත කර තිබේ.

මාර්ගය යථා තත්වයට පත්වන තෙක් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු කොළඹ සිට හැටන් දක්වාත් බදුල්ලේ සිට කොටගල දක්වාත් පමණක් සිදු කෙරේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *