උතුරු මැද පළාත් සභාවට නව සභාපතිවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – උතුරු මැද පළාත් සභාව සඳහා නව සභාපතිවරයෙක් අද(18) තෝරා ගෙන තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඩී. එම්. අමරතුංග මහතාව මෙලෙස නව සභාපති ලෙස තෝරා ගෙන ඇත.

උදෑසන කාලයේ අති වූ නොසන්සුන්තාවයෙන් පසු පළාත් සභාව යළි රැස් විමෙන් අනතුරුව සභාවේ ඡන්දයකින් ඔහු තොරා පත් කර ගෙන තිබේ.

උතුරුමැද පළාත් සභාවේ සභාපතිවරයාට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද සම්මත විය. මේ සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

උතුරුමැද පළාත් සභාවේ සභාපති ටී එම් ආර් සිරිපාල මහතාට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද වැඩි ඡන්දයෙන් සම්මත වී තිබුණි.

මේ සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර මේ හේතුවෙන් පස්වරු 2 දක්වා සභාව කල්තැබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *