(කොළඹ, ලංකාපුවත්) – කෝකිලායි ගම්මානයේ පිහිටි සිංහල මහා විද්‍යාලයේ පාසල් ළමුන් විසින් පාසල් භූමිය පිරිසිදු කර එම කුණු එකතු කර පිළිස්සීමේ දී සුළු පිපිරුමක් සිදුව ඇත. අද(18) උදෑසන 09.00ට පමණ මෙම පිපිරීම සිදුව ඇතැයි පොලිසිය පැවසීය.
පිපිරීමෙන් පාසල් සිසුවියන් 06දෙනෙකු හා සිසුන් දෙදෙනෙකු කම්පනය හේතුවෙන් මුලතිව් මංචෝල රෝහලට ඇතුලත් කර ඇත. ඔවුන්ට කිසිදු තුවාලයක් සිදුව නොමැත.
කෝකිලායි පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඉායමක් විසින් පිපිරීම සිදු වූ ස්ථානය පරික්ෂා කිරීමේ දී මසුන් මැරීමට යොදා ගන්නා ජෙනට් නයිට් ජෙල් නැමැති පුපුරණ ද්‍රව්‍ය කරලක් පුපුරා යාමෙන් මෙය සිදුව ඇති බවට අනාවරණය කර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් කෝකිලායි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.