නාවික හමුදාවෙන් පැහැදිලි කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුහුදු කොටි ඒකකයේ හිටපු නායක සුසෙයි භාවිත කළ බව කියන බෝට්ටුව මුලතිව් මුහුදේ සැරිසැරූ බවට පළව ඇති වාර්තා මුළුමණින්ම අසත්‍යය බව නාවික හමුදාව සදහන් කරයි.

මෙම බෝට්ටුව පසුගියදා මුලතිව් මුහුදේ සැරිසැරූ බවට විවිධ මාධ්‍ය පළ කර තිබුණි.

කෙසේ නමුත් එම වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා සඳහන් කළේ ය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිත කළ බෝට්ටු වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇති බව සඳහන් කළ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අදාළ බෝට්ටු කිසිඳු හේතුවක් මත මුහුදට යොමුනොකළ බව ද පැවසීය.

කෙසේවෙතත් අදාළ බෝට්ටු අංගනයේ අලුත්වැඩියා කටයුතු සඳහා අදාළ බෝට්ටු වෙනත් ස්ථානයකට ගොඩබිම් ප්‍රදේශයෙන් ප්‍රවාහනය කළ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *