පකිස්ථාන අගමැති පවුලට වත්කම් චෝදනා

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්තානයේ අගමැති නවාස් ෂරීෆ්ගේ පවුලේ වත්කම් පිළිබඳව එල්ල වෙමින් පවතින ප්‍රබල චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර නිවාස මිලදී ගැනීම පිණිස අගමැති නවාස් ෂරීෆ්ගේ දරුවන් විදේශීය සමාගම් යොදාගෙන ඇතැයි පැනමා ලිපිගොනුවලින් අනාවරණය වී තිබුණි. අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයන් අනිසි ලෙස උපයාගත් මුදල් අදාළ සමාගම්වල තැන්පත් කළා විය හැකි බවට ඉන් අනතුරුව චෝදනා එල්ල විය.

මෙතරම් දේපොළ රැස් කිරිම පිළිබඳව පකිස්ථානයේ ශ්‍රේෂ්ඨාධිකරණය විමසු අවස්ථාවේ අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයන් ඊට පිළිතරු දීමට අපොහොසත් වී තිබුණි. සිය දරුවන් නීත්‍යානුකූල ලෙසින් ලන්ඩන් නුවර නිවාස මිලදී ගෙන තිබෙන බව පවසන නවාස් ෂරීෆ්, ඒ කිසිවක් තමන්ට අයත් දේපොළ නොවන බව ද අවධාරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

අගමැතිවරයාගේ බලය යොදාගනිමින් නීති විරෝධී ලෙසින් වත්කම් උපයා ගන්නා බවට විරුද්ධ පක්ෂ, ඔහුගේ පවුලේ සාමාජිකයන්ට චෝදනා කරනු ලැබේ. එබැවින් අගමැතිවරයා පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට ඔවුන් බල කර ඇත.

විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැතිවරයා කියා සිටියේ එය “චෝදනා සහ උපකල්පනවලින්” සමන්විත වූවක් බවය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *