විද්‍යා නඩුව අද සිට අඛණ්ඩව

(කොළඹ, ලංකාපුවත්) – යාපනය පුංකුඩුතිව් සිවලෝහනාදන් විද්‍යා සිසුවිය සමූහ දූෂණයකට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධියේ නඩු විභාගය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද(18) සිට අඛණ්ඩව විභාග කෙරේ.

පසුගිය 03 වනදා 13 හැවිරිදි සිසුවෙකු මෙම සිද්ධිය පිළිබඳ අධිකරණය හමුවේ සාක්‍ෂි ලබාදී තිබුණි.

සිසුවිය ඝාතනයට ලක්වූ ස්ථානය අසලින් තමන් ගමන් ගනිද්දී ශබ්ද කිහිපයක් ඇසුණු බව සිසුවා අධිකරණය හමුවේ පවසා ඇත.

2015 වසරේ මැයි මස 13 වනදා විද්‍යා ශිෂ්‍යාව මෙසේ පැහැරගෙන ගොස් දූෂණයට ලක්කර ඝාතනය කර තිබුණි. ඒ සම්බන්ධයෙන් සැකකරුවන් 09 දෙනෙකුට චෝදනා එල්ල වී තිබේ.

විමර්ශන සාක්‍ෂි සහ අන්‍ය ස්ථානයක භාවය පිළිබඳ සාක්‍ෂි විමසීම අද සිට 20 වනදා දක්වා සිදු කෙරේ.

මහාධිකරණ විනිසුරුවරුන් වන බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, අත්තලිංගම් ප්‍රේමශංකර් සහ මාණික්‍යවාසගර් ඉලන්වේලියන් යන මහත්වරුන්ගෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩු විභාගය සිද‍ු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 2 =