දුම නැති දුම්කොළ තහනම්

(කොළඹ, ලංකාපුවත්) – 2016 අංක 01 දරණ ශ්‍රී ලංකාවේ තහනම් දුම්කොළ නිෂ්පාදන පිළිබඳ නියෝගය පනවමින් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය කටයුතු කර ඇත.

දුම් රහිත දුම්කොළ නිෂ්පාදන තහනම් කරමින් 2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත අනුව මෙම රෙගුලාසිය පැනවේ.

පනතට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ආහාර පරීක්ෂකවරු, සුරාබදු නිලධාරීන් හා පොලිස් නිලධාරීන් බලයලත් නිලධාරීන් වශයෙන් කටයුතු කෙරේ.

ඒ අනුව කිසිම තැනැත්තෙකු විසින් උපලේඛනවල සඳහන් කර ඇති දුම්කොළ නිෂ්පාදනයක් හෝ දුම්කොළ අඩංගු දුම්රහිත දුම්කොළ නිෂ්පාදනයක් හෝ මිශ්‍රණයක් හෝ යම් පැණිරස ගන්වන ලද හෝ වර්ණ ගන්වන ලද හෝ රසගන්වන ලද දුම්කොළ අඩංගු සිගරට්ටුවක් හෝ යම් දුම්කොළ අඩංගු ඉලෙක්ට්‍රෝනික සිගරට්ටුවක් නිෂ්පාදනය, ආනයනය, විකිණීම හෝ විකිණීමට ඉදිරිපත් කිරීම කළ නොහැකි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *