සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – සිංගප්පූරු විදේශ අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා ඇතුළු දූත පිරිස ඊයේ(17) දිවයිනට පැමිණ තිබේ.

ඒ සිව්දින නිල සංචාරයක් සඳහාය.

ඊයේ රාත්‍රී පැමිණි දූත පිරිස කටුනායක ගුවන් තොටුපොළේ දී පිළිගනු ලැබුවේ, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඇතුළු පිරිසක් විසිනි.

මේ චාරිකාව අතරතුර දෙරට අතර නිදහස් වෙළෙදාම, තාක්ෂණික හුවමාරුව සහ ආයෝජන ඇතුළු ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතය.

සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ අමාත්‍යවරයා සමග ද සාකච්ජා පවත්වන බව, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *