උසස් අධ්‍යාපනය පුළුල් කරන්න ලෝක බැංකුවෙන් ණයක්

(කොළඹ, ලංකාපුවත්) – ලෝක බැංකුවෙ අන්තර්ජාතික සංවර්ධන සමායතනය (IDA) හා ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව (IBRD)මගින් උසස් අධ්‍යාපනය පුළුල් කිරීම හා සංවර්ධනය කිරීම වේගවත් කිරීමේ ක්‍රියාවලිය (AHEAD) සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 100 ක ණය පහසුකම් ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව, යෝජිත වැඩසටහන මඟින් නැගී එන ඉහළ මාධ්‍ය ආදායම්ලාභී රටවල් සඳහා වැදගත් වන උසස් අධ්‍යාපන වැඩසටහන් සඳහා වන බඳවා ගැනීම් ඉහළ නැංවීම හා මනා සාමාජීය ආකල්පමය නිපුණතා සමඟ අධ්‍යාපන ජයග්‍රහණ හා උසස් අගයක් ඇති කර්මාන්ත හා සේවාවන් පුළුල් වීම හා වර්ධනය සඳහා සහයවන ශක්තිමත් පර්යේෂණ හා නවෝත්පාදන සංස්කෘතියක් එකට එක් කරන නවීන ඉගැන්වීමේ හා ඉගනීමේ ක්‍රමවේද වැනි අනාගත ආර්ථික සංවර්ධනයට ඉතා වැදගත්වන ක්ෂේත්‍රයන්හී උසස් අධ්‍යාපනය සංවර්ධනය කිරීම අරමුණු කෙරේ.

උසස් අධ්‍යාපනය පුළුල් කිරීම හා සංවර්ධනය කිරීම වේගවත් කිරීමේ ක්‍රියාවලිය මඟින් ප්‍රතිඵල පාදක ක්ෂේත්‍රයන් 3 ක් කෙරෙහි අවධානය යොමු වේ.

1. ආර්ථික සංවර්ධනය සඳහා මූලික වන උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයන්ට සිදුකරන (විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු විද්‍යාව හා ගණිතය (STEM) බඳවා ගැනීම් වැඩි කිරීම.

2.උසස් අධ්‍යාපනයේ ගුණත්වය ඉහළ නැංවීම.

3.පර්යේෂණ හා සංවර්ධනයන්, නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම.

ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවෙන් ලබා දෙන ණය අනුව IDA විශේෂ හැර ගැනුම් හිමිකම් ව්‍යවහාර ණය වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 33 කට සමාන වටිනාකමකින් යුත් ණය මුදලක් හා ලෝක බැංකුවේ IBRD මගින් එක්සත් ජනපද ඩොලර් මිලියන 67 ක් වශයෙන් මූල්‍ය පහසුකම් 2 ක් ලබා ගැනීමට යෝජනා වී ඇත.

මෙම ව්‍යාපෘතිය උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය හරහා 2017-2022 කාල සීමාව තුළදී ක්‍රියාත්මක වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් වන ගිවිසුම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ආචාර්ය. ආර්.එච්.එස්.සමරතුංග මහතා ද ලෝක බැංකුව වෙනුවෙන් ශ්‍රි ලංකාව හා මාල දිවයින සඳහා වන අධ්‍යක්ෂ, Idah Z. Pswarayi – Riddihough මහත්මිය ද විසින් 2017 ජූලි මස 17 වන දින මුදල් අමාත්‍යාංශයේදී අත්සන් කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *