මන්ත්‍රී රොෂාන් ඒකාබද්ධයේ දේශපාලනයෙන් ඉවත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු වලින් තාවකාලිකව ඉවත්වන බව සදහන් කරයි.

ඔහු පොළොන්නරුව දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලැබේ.

මන්ත්‍රීවරයා නිවේදනයක් නිකුත් කරමින්දක්වා ඇත්තේ ඉදිරි දිනවල ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් සංවිධානය කරන ලද රැස්වීම්, වැඩසටහන් සියල්ල අවලංගු කළ බවය.

එසේ වුවද, තම දේශපාලන ප්‍රතිපත්තිය කිසිසේත්ම වෙනස් නොවන බව මන්ත්‍රීවරයා සදහන් කර ඇත.

ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් නායකයින් විසින් තමාගෙන් විමසීමකින් තොරව බිම් මට්ටමද, හරිහැටි හඳුනා නොගෙන ගන්නා තීන්දු තීරණ හේතුවෙන් දිස්ත්‍රික්කයට නායකත්වය දෙමින් ජයග්‍රහණය කරා මෙහෙයවීමේ අපහසුතාවක් මේවන විට නිර්මාණය වී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *