ලොව ධනවත්ම වෙළෙඳපොළට ඇතුළු වීමේ සටන ආරම්භ කළා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ජී.එස්.පී ප්ලස් සහනය ලබා ගැනීමින් මිලියන 500ක ජනතාවක් සහිත ලෝකයේ ධනවත්ම යුරෝපා වෙළෙඳපොළට ඇතුළු වීමේ සටන දැන් ආරම්භ කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

යුරෝපා වාණිජ මණ්ඩලයේ මඟින් කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ අද(19) සංවිධානය කරනු ලැබූ ආර්ථික සංවර්ධන ප්‍රමුඛතා යළි සැකසීම පිළිබඳ වැඩසටහනට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

අද වන විට ඇඟලුම්වලට පමණක් සීමා වී පැවති කර්මාන්ත වෙනත් කේෂ්ත්‍ර කරා ගෙන යෑමේ අවස්ථාව උදා වී ඇති බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉදිරියේ දී මහනුවර සිට හම්බන්තොට දක්වා කර්මාන්ත කලාපයක් ඇති කිරීමටත් නව වරායන් හා ගුවන් තොටුපළවලවල් ඇති කිරීමටත් බලාපොරොත්තු වන බව පැවසු අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේ, ඉතීතයේ දී මහා පරාක්‍රමබාහු රජතුමා ද ආසියාව වටා ඇති වෙළෙඳපොළ අල්ලා ගැනීම තුළින් තම ආර්ථිකය ශක්තිමත් කර ගත් බවය.

ඇතැමුන් වසර 2 ක පාලනය තුළ සිදු කළ දේ පිළිබඳ ප්‍රශ්න කරන බවත් ජී.එස්.පී. සහනය ලබා ගැනීම විශාල ජයග්‍රහණයක් වන අතර ඒ තුළින් ලෝකයේ විශාලම වෙළෙඳපොළ අල්ලා ගැනීම තම අභිප්‍රාය වන බව ද අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය. ඒ අනුව යුරෝපා වෙළෙදපල ඇතුළු ජපාන, චීන සහ ඉන්දීය වෙළෙඳපොලට ඇතුළු විය යුතු බවත් එමගින් අන සංවර්ධනයේ මාවත නිර්මාණය කර ගත යුතු බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ තුළින් නව යුගයක් කරා ගමන් කිරීම ආරම්භ කරන බව ද සභාව අමතමින් අගමැතිවරයා පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 + nine =