හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක යළි රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා අගෝස්තු 02 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

2008-2009 කාලයේ කොළඹ ප‍්‍රදේශයේ දී තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් ඔවුන්ව නීතිවිරෝධී ලෙස රඳවා තබා ගෙන අනතුරුව අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ විමර්ශනවලට අදාළව ඉකුත් 12 වනදා දසනායක මහතාව අත්අඩංගුවට ගැණුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 3 =