ඉරානයට නව සම්බාධක පනවයි

(කොළඹ, ලංකාපුවත්) – ඉරානයේ මිසයිල අත්හදා බැලීමක් හේතුවෙන් අමෙරිකාව ඉරානයට නව සම්බාධක පැනවීමට තීරණය කර තිබේ.

අමෙරිකාව නිවේදනයක් නිකුත් කරමින් කියාසිටින්නේ ඉරානයේ බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමේ වැඩසහන සහ ඉරානය ත්‍රස්තවාදී සංවිධාන වලට සහයෝගය ලබාදීම යන කරුණු හේතුවෙන් මෙම සම්බාධක පැනවීමට තීරණය කළ බවය.

මෙම සම්බාධක හරහා ඉරානයේ ක්ෂේත්‍ර කිහිපයකටම බලපෑම් එල්ලවනු ඇත.

අමෙරිකාව තවදුරටත් කියාසිටින්නේ ඉරානය හිස්බුල්ලා, හමාස් සහ ජිහාඩ් වැනි ත්‍රස්ත සංවිධානවලට ආධාර අනුබල දෙන බවය. එසේම යේමනයේ ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය වර්ධනය කිරීම සදහා ඉරානය හවුදි කැරලිකරුවන්ට සහාය ලබාදෙන බවට අමෙරිකාව චෝදනා කරනු ලැබේ.

කෙසේ වෙතත් මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන ඉරානය පවසන්නේ තම රටේ මිසයිල අත්හදා බැලීම් සිදුකරනවා මිස තමන් කිසිවිටෙකත් ත්‍රස්තවාදයට උපකාර නොකරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *