ට්‍රම්ගේ සහ පුටින්ගේ හමුවීම් ගැන මාධ්‍ය අවධානය

(කොළඹ, ලංකාපුවත්) – ජර්මනියේ පැවැති ජී.20 සමුළුව අතරවාරයේ දී අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති වැල්දිමීර් පුටින් යන නායකයන් දෙවතාවක් මුණ ගැසුණු බව ධවල මන්දිරය ප්‍රකාශ කරයි.

ජුලි මස 07 වනදා පැවති නිල සාකච්ජාව කෙරෙහි ජනමාධ්‍යයන්හි විශේෂ අවධානය යොමුවී තිබුණි.

ඉකුත් වසරේ පැවති අමෙරිකා මැතිවරණයට තමන් මැදිහත්වූ බවට කෙරෙන චෝදනා රුසියානු ජනාධිපතිවරයා එහිදී දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ බව, ජනාධිපති ට්‍රම්ප් අනතුරුව කියා සිටියේය.

එදිනම සවස් භාගයේ ජනාධිපතිවරුන් දෙපළ අතර නිල නොවන හමුවක් සිදුව තිබෙන බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *