අගමැති , ජගත් දේශපාලන උප මහලේකම් සහ ඕස්ට්‍රේලියා විදේශ ඇමති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් දෙකකට අද (20) පෙරවරුවේ එක්විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථමයෙන්ම හමුවූයේ එක්සත් ජාතීන්ගේ සංගමයේ දේශපාලන කටයුතු පිළිබඳ උප මහ ලේකම් ජෙෆ්රි ඩී ෆෙල්ට්මන් මහතාවය. මෙම හමුව අරලියගහ මන්දිරයේදී සිදුවිය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ඕස්ට්‍රේලියා විදේශ අමාත්‍ය ජූලියා බිෂොප් මහත්මිය අතර හමුව සිදුවුණේ ඉන් අනතුරුවය. මෙම සාකච්ඡාව ද පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − 8 =