ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයකට සහභාගී වීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ ඇත.

ශ්‍රී ලංකාව සමග ටෙස්ට් එක්දින හා පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියකටයි සංචාරක ඉන්දීය කණ්ඩායම එක්වේ.

දෙරට අතර පළමු තරගය ලබන 26වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී ආරම්භ වීමට නියමිතය. ඒ ටෙස්ට් තරගයක් ලෙසය.

මෙම තරගාවලියේ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා නායකයා ලෙසත්, ඉන්දීය නායකයා ලෙස විරාට් කෝලිත් එක්වනු ඇත.

දිවයිනට පැමිණී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට මෙරට ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් සහභාගීව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *