උතුරේ සංහිදියාව ගැන සිංගප්පූරු විදේශ ඇමති සතුටින්

(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාතේ ක්‍රියාත්මක සංහිදියා වැඩපිළිවෙල සිංග්පපූරු විදේශ අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතාගේ පැසසුමට ලක්විය.

ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළේ, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඊයේ(19) මුණගැසුණු අවස්ථාවේදීය. එම හමුව සිදුවූයේ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදීය.

ජනතාවගේ ආර්ථිකය නගා සිටුවමින් උතුරේ සංවර්ධනයට රජය ගෙන ඇති වැඩපිළිවෙළ කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු විය.

උතුරේ ධීවර හා කෘෂිකාර්මික කටයුතු සඳහා සහාය ලබාදීමට ක්‍රියා කරන බව සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය. උතුරු පළාතේ පවතින්නේ බෙහෙවින් සාමකාමී වටපිටාවකි.

වත්මන් රජය එම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති මෙන්ම, අධ්‍යාපන, සෞඛ්‍ය ආදී මූලික කේෂ්ත්‍ර නගා සිටුවීමට ගන්නා උත්සාහය විවියන් බාල ක්‍රිෂ්ණන් මහතාගේ විශේෂ අගැයීමට ලක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six − 5 =