උසේන් බෝල්ට් නැවතත් ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියට

(කොළඹ, ලංකාපුවත්) – කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් නැවතත් ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ දී දැකගැනීමේ අවස්ථාවක් හිමිව තිබේ. ඒ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදීය.

තිස් හැවිරිදි ඔලිම්පික් කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් මීටර සියය සහ මීටර සියය සහාය දිවීම යන ඉසව් සඳහා ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ සිය සහභාගිත්වය තහවුරු කර ඇත.

මීටර 100 සහ 200 ධාවන ඉසව්වන්ගේ හොඳම ධාවන කාල වාර්තාව හිමිව ඇත්තේ ද ඔහුටය.

මෙම ලෝක ශූරතා තරගාවලියෙන් පසු උසේන් බෝල්ට් මලල ක්‍රීඩා පිටියෙන් සමුගනු ඇතැයි විශ්වාස කෙරේ.

තරගාවලිය පිළිබඳ අදහස් පළ කරමින් උසේන් බෝල්ට් පවසා ඇත්තේ සිය ඉලක්කය ලන්ඩන් හි පැවැත්වෙන තරගයෙන් ජයගැනීම බවය. එමෙන්ම ජයග්‍රාහකයෙකු ලෙස සමුගැනීමට තමන්ට අවශ්‍ය බව ද ඔහු පවසා ඇත.

උසේන් බෝල්ට් පළමුවෙන්ම සහභාගි වන මීටර 100 ඉසව්ව ලබන මස 05 වනදා පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *