දුම්රිය මාර්ගවල අනතුරු අවම කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – දුම්රිය මාර්ගවල සිදුවන අනතුරු අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව තීරණය කර ඇති බව එහි සභාපති සිසිර කෝදාගොඩ මහතා පැවසීය.

දුම්රිය මාර්ගවල සිදුවන අනතුරු සංඛ්‍යාව පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ ඉහළ ගොස් ඇත.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දුම්රිය බලධාරීන් සමඟ සාකච්ඡා කොට ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව සිසිර කෝදාගොඩ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *