සිනි කන්ටේනරයේ කොකේන් කිලෝ 218 ක්

(කොළඹ, ලංකාපුවත්) – රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ සතොස ගබඩාවකට සීනි රැගෙන යමින් තිබූ කන්ටේනර් රථයක තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 218ක පමණ තොගයක් සොයාගෙන තිබේ.

ගල්කිස්ස පොලීසිය විසින් ඊයේ(19) පස්වරුවේ මෙම කොකේන් තොගය සොයාගෙන ඇත.

මත්ද්‍රව්‍ය අසුරන ලද බෑග් 10ක් හමුවී ඇති බවත්, එයින් එක් බෑගයක බර කිලෝ 16ක් පමණ වන බවත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් 03දෙනෙකු කන්ටේනර් රථය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ව අද(20) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + 9 =