අග්‍රාමාත්‍ය කාර්යාලයට මහජන සම්බන්ධතා අංශයක්

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය කාර්යාලය වෙනුවෙන් මහජන සම්බන්ධතා අංශයක් අද (20) විවෘත විය.

ඒ, අරලියගහ මන්දිරය අභියස, ආර්.ඒ. ද මෙල් මාවතේ, අංක 101දරණ ස්ථානයේ දී ය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම අංශය ස්ථාපනය කෙරුණි.

අමාත්‍ය සාගල රත්නායක හා අග්‍රාමාත්‍ය නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී රෝසී සේනානායක යන මහත්ම මහත්මීන්ගේ මූලිකත්වයෙන් මෙය ස්ථාපනය කරන ලදි.

මහජනතාවට කඩිනමින් තොරතුරු ලබා දී ඔවුන්ගේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දීම ක්‍රමවත් කිරීම මෙහි අරමුණ වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *