මිලියන 32ක අමෙරිකානුවන්ගේ සෞඛ්‍ය රැකවරණ අහිමිවෙයි

(කොළඹ, ලංකාපුවත්) –බරක් ඔබාමාගේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය වෙනුවට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමත් සමග මිලියන තිස් දෙකක අමෙරිකානුවන්ගේ සෞඛ්‍ය රැකවරණ අහිමිවී යනු ඇති බවට වාර්තා පළ වී ඇත.

බරක් ඔබාමාගේ සෞඛ්‍ය ප්‍රතිපත්ති වෙනුවට නව සෞඛ්‍ය ප්‍රතිපත්තියක් හදුන්වාදෙන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජනාධිපතිවරණ සටනේ දී පොරොන්දුවක් ලබා දී තිබුණි.

එය ඉටු කිරීම සදහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවති.

ඔබාමාගේ ප්‍රතිපත්තියට අනුව ලබන වසරේ දී සෞඛ්‍ය රැකවරණ සඳහා ගෙවන මුදල සියයට විසි පහකින් වැඩිවනු ඇත. වසර දෙදහස් විසිහය වන විට දැනට ගෙවන මුදල දෙගුණයක් වනු ඇති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *