චම්පක රාමනායක වේග පන්දු පුහුණුකරු තනතුරෙන් ඉවත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ධුරයෙන් චම්පක රමනායක ඉල්ලා අස්වී ඇත.

ඒ අනුව පුරප්පාඩු වූ අදාළ තනතුර සඳහා ඉන්දීය තරගාවලියේ දී චමින්ද වාස් ව තාවකාලිකව පත් කළ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සදහන් කළේය.

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගාවලියට ටෙස්ට් තරග 03ක්, එක්දින තරග 05ක් හා පන්දුවාර විස්සයි විස්ස තරගයක් ඇතුළත් වේ.

පුහුණු දෙදින තරගයක් අද (21) ආරම්භ වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − seventeen =