දිනේෂ් චන්දිමාල් රෝහල්ගත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් උණ රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇත.

ඒ හේතුවෙන් ඔහුට ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය අහිමි වී තිබේ.

එමෙන්ම අවම වශයෙන් තරඟ දෙකක්වත් ඔහුට අහිමිවණු ඇති බවට වාර්තා වේ.

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් තරඟය ජූලි 26 වැනිදා ගාල්ලේදී පැවැත්වේ.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ක්‍රිකට් ආයතනයේ ඊයේ පැවති මාධ්‍ය හමුවටත් දිනේෂ් චන්දිමාල් සහභාගී නොවුණි.

අද (21) උදෑසන රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහුව රෝහල්ගත කර තිබෙන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − 6 =