නිදහස් සෞඛ්‍ය යන වචනයට නිසි අර්ථයක් ලබා දුන්නේ වත්මන් රජයයි- ජනපති

(කොළඹ, ලංකාපුවත්) – නිදහස් සෞඛ්‍ය යන වචනයට නිසි අර්ථයක් ලබා දුන්නේ වත්මන් රජය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

සංවර්ධනය කළ ගල්ගමුව මූලික රෝහල ඊයේ(20) ජනතා අයිතියට පත් කරමින් ජනාධිපතිතුමා මේ බව සදහන් කළේය.

ජයිකා ආයතනය හා මෙරට රජයේ මුදල් ප්‍රතිපාදන මත මෙම රෝහල සංවර්ධනය කෙරුණි. රුපියල් මිලියන 900කට අධික මුදලක් ඒ සඳහා වැයකර ඇත.

ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී 2013 වසරේදී එහි සංවර්ධන කටයුතු ආරම්භ කර තිබුණි. බාහිර රෝගී අංශයක් , හදිසි අනතුරු ඒකකයක් , දැඩි සත්කාර ඒකකයක් ඇතුලු අංශ කිහිපයකින්ම රෝහල සමන්විතය. රුපියල් මිලියන 201ක් වැයකර අති නවීන වෛද්‍ය උපකරණ ද රෝහලට සපයා තිබේ. රුපියල් මිලියන 20ක වියදමින් නව ජල සැපයුම් පද්ධතියක් ද මෙහි ස්ථාපනය කෙරුණි.

උත්සවය ඇමතූ ජනාධිපතිතුමා කියාසිටියේ ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය කිසිලෙසකින්වත් කඩ කරන්නේ නැති බවය. නිදහස් සෞඛ්‍ය සුරැකීමට වත්මන් රජය කැපවන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියාසිටියේ ජනතාව සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම වසර 2025 දක්වා ක්‍රියාත්මක බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × five =