ප්‍රංශයේ නව හමුදාපතිවරයා ලෙස ප්‍රංශුවා ලෙකොයින්ටර් නම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රංශයේ නව හමුදාපතිවරයා ලෙස ප්‍රංශුවා ලෙකොයින්ටර් නම්කර ඇත.

ඒ හිටපු හමුදාපති පියරේ ඩිවිලියර්ස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ හිස්වන තනතුරට ය.

අයවැයෙන් යුධ වියදම් කප්පාදුකිරීම සම්බන්ධව ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සමග ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් ඩිවිලියර්ස් ඉල්ලා අස්විය.

පනස්පස් හැවිරිදි ලෙකොයින්ටර් අත්දැකීම් බහුල හමුදා නිලධාරියෙකු ලෙස සැලකේ.

ඔහු මෑතකදී මාලි රාජ්‍යයේ ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව සිදුකළ මෙහෙයුමට ද නායකත්වය ලබාදුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *