පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන්න – ඇමති රංගේ බණ්ඩාර, විමල් ට කියයි

(කොළඹ, ලංකාපුවත්) – ව්‍යවස්ථා සම්පාදක කමිටුවෙන් සැබෑ ලෙසම ඉවත් වීමට අවශ්‍ය වන්නේනම් විමල් වීරවංශ මන්ති‍්‍රවරයා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය යුතු බව වාරිමාර්ග හා ජලසම්පත් කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සමස්ථ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක කමිටුවක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක කතානායකවරයා වෙත ලිපියක් බාර දී ඉන් ඉවත් වීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවයි. මහදැනමුත්තයි ගෝලයො රොත්තයි කියමනට විමල් වීරවංශ ඇතුළු පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමද සමාන කළ හැකි යැයිද ඔහු පැවසීය.

පුත්තලම කොට්ටුකච්චිය නවෝදා විදුහලේ ඉදිකිරීමට යෝජිත තෙමහල් ගොඩනැගිල්ලට මුල් ගල තැබීම වෙනුවෙන් අද(21) පැවති උත්සවයේදී ඔහු මේ බව සඳහන් කළේය.

විමල් යන චරිතයේ ජීවිතයම ජවනිකාවක් බවත් ඔහුගේ අලූත්ම සංදර්ශනය ව්‍යවස්ථාදායක සභාවෙන් ඉවත්වීමේ කතා පුවත බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. චන්ද්‍රිකා යුගයේ සිට ව්‍යවස්ථා වෙනසක් පිළිබඳ සාකච්ඡුා කරමින් සිටි යුගයක සම්මුතියෙන් එම වෙනස සිදු කිරීමට වත්මන් රජය පැහැදිලි වැඩපිළිවෙලක් සකස් කළ බවද ඔහු පැහැදිලි කළේය. එම වැඩපිළිවෙල පැහැදිලිව කි‍්‍රයාවට නැගෙමින් ඇති අවස්ථාවක වීරවංශ මහතාගේ මෙම ජවනිකාව සිදු වූ බවයි අමාත පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාලිත රංගේ බ්ණඩාර මහතා මෙසේද පැවසීය,

“මහදැනමුත්තයි ගොලයෝ රොත්තයි වැඩ කළේ කොහොමද කියන්න අපි දන්නවා. අන්තිමට මහදැනමුත්තා එළුවත් ඉවර කළා, මුට්ටියත් ඉවර කළා. සමස්ථ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් ලෙස ප‍්‍රකාශයට පත්කරලයි තියෙන්නේ. එහෙමනම් එම වගකීමෙන් පැන යන්න කාටවත් බෑ. එහෙම යන්න අවශ්‍යවන්නේනම් පාර්ලිමේනතුවෙන්ද ඉල්ලා අස්විය යුතුයි. චන්ද්‍රිකා යුගයේ සිට ඉල්ලන ව්‍යවස්ථා වෙනස වඩාත් ජනතාවාදීව ලබා දීමටයි අපි උත්සාහ ගනිමින් සිටින්නේ. ඒ උත්සාහය අඩපණ කිරීමට උත්සාහ කරන්නේනම් ඔවුන් මතක තබා ගත යුතුයි එය කිසිදාක සැබෑ නොවන සිහිනයක් බව. සම්මුතිවාදීව අනාගතයට උචිත රටට යහපත උදාකරවන ඒ ව්‍යවස්ථාව සකස් කිරීමේ වැඩපිළිවෙල යහපාලන ආණ්ඩුව කිසිදු පැකිලීමකින් තොරව සිදු කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 + 8 =