රංගන හේරත් කණ්ඩායම මෙහෙයවයි

(කොළඹ, ලංකාපුවත්) – උණ රෝගයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කෙරුනු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට ඉන්දියාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී වීමට නොහැකිව තිබේ.

ඒ අනුව පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී රංගන හේරත් කණ්ඩායම මෙහෙයවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේය.

වෛද්‍යවරුන් උපදෙස් ලබාදී ඇත්තේ දින කිහිපයක් චන්දිමාල් විවේක ගත යුතු බවය.

පළමු ටෙස්ට් තරගය අවසානය වන විට චන්දිමාල් ඉදිරි තරගවලට එක්වීමට ඇති හැකියාව පිළිබඳ දැනුම්දෙන බව වෛද්‍යවරුන් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *