ඉන්දීය ආරම්භක පිතිකරු කේ. එල්. රාහුල්ට පළමු ටෙස්ට් තරගය අහිමි වන ලකුණු

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගයට ඉන්දීය ආරම්භක පිතිකරුවකු වන කේ. එල්. රාහුල්ගේ සහභාගීත්වය අවිනිශ්චිත වී ඇත. ඒ ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු නොවීම හේතුවෙනි.

ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම සමග පැවති දෙදින පුහුණු තරගයේ දී ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස රාහුල් ක්‍රීඩා කරනු ලැබේ. ඔහු එහිදී ලකුණු 54ක් ලබා ගත්තේය. ඒ පන්දු 28ක දීය.

කෙසේ නමුත් මේවන විට සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාව සමග එළඹෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට රාහුල්ගේ සහභාගීත්වය අවිනිශ්චිත වී තිබේ.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දීය. ලබන 26වනදා සිට තරඟය පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *