ඒඩ්ස් රෝගය නිසා සිදුවන මරණ සංඛ්‍යාව පසුගිය වසර 10 තුළ හරි අඩකින් පහළට

(කොළඹ, ලංකාපුවත්) –ඒඩ්ස් රෝගය හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව පසුගිය වසර දහය තුළ හරි අඩකින් අඩුවී ඇති බව නවතම වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒඩ්ස් මර්දන වැඩසටහනට අනුව 2005 වසරේදී ඒඩ්ස් රෝගය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මිලියන 1.9ක් වේ.

පසුගිය වසරේදී එය මිලියනයක් ලෙස වාර්තාවී තිබුණි.

ඒඩ්ස් රෝගය හදුනාගත් මුල් අවධියේම නිසි වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවීම මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට හේතුවී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී ඇත.

ලොව පුරා මිලියන 36කට වැඩි පිරිසක් ඒඩ්ස් රෝගයට ගොදුරුවී සිටින බව සංඛ්‍යා ලේඛණවල දැක්වේ. ඔවුන්ගෙන් 53%ක්ම සාමාන්‍ය ජීවිත ගතකරන්නේ නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම හේතුවෙන් බවද වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen + 19 =