ජෝර්දානයේ ඊශ්‍රායල තානාපති කාර්යාලයට ප්‍රහාරයක්

(කොළඹ, ලංකාපුවත්) – ජෝර්දානයේ අම්මාන් අගනුවර පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, තානාපති කාර්යාලය වටා ආරක්ෂක හමුදාව යොදවා තිබේ.

ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. එම වාර්තා සනාථ කිරීමට බීබීසී යට හැකියාවක් නොලැබිණ.

තානාපති කාර්යාලය අවට ප්‍රදේශය වසා දමා තිබෙන නමුත් බලධාරීන් ඒ පිළිබඳව මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැති බව එහි සිටින බීබීසී වාර්තාකරුවෙක් පවසයි.

ඊශ්‍රායල බලධාරීන් සිය තානාපති නිලධාරීන් තානාපති කාර්යාලයෙන් ඉවත්කර ගනිමින් සිටින බව විශ්වාස කෙරේ.

සාමාන්‍යයෙන් දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙන ඊශ්‍රායල තානාපති කාර්යාලය පිහිටා තිබෙන්නේ අම්මාන් අගනුවර ධනවතුන් බහුලව වෙසෙන රබියේ (Rabiyeh) ප්‍රදේශයේය.

ජෙරුසෙලමේ මුස්ලිම් සහ යුදෙවු ජනතාවගේ පුද බිමක ආරක්ෂාව තර කරමින් ලෝහ හඳුනාගැනීමේ අනාවරක යෙදවීම පිළිබඳව පසුගිය සිකුරාදා ( 21) දහස් ගණන් ජෝර්දාන වැසියෝ ඊශ්‍රායලයට එරෙහිව අම්මාන් අගනුවර පෙළපාලි දැක්වූහ.

ජෙරුසෙලමේ මුස්ලිම් සිද්ධස්ථාන භාරකරු ලෙස ක්‍රියා කරන්නේ ජෝර්දානයය.

තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව කිසිවක් සඳහන් නොකරන ඊශ්‍රායල බලධාරීන් එය වාර්තා කිරීම සම්බන්ධයෙන් සීමා පණවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *