ජස්ටින් බීබර්ට චීනය තහනම්

(කොළඹ, ලංකාපුවත්) – කැනඩා ජාතික යොවුන් පොප් ගායක ජස්ටින් බීබර්ට චීනයේ සිය සංගීත සංදර්ශන පැවැත්වීම තහනම් කරන බව බෙයිජිං අගනුවර පිහිටි සංස්කෘතික බියුරෝව පවසයි.

“නරක හැසිරීමක්” සහිත තරුණ පොප් ගායකයාට සිය රටේ සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර දිය නොහැකි බව නිවේදනයක් නිකුත් කරමින් සංස්කෘතික අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

“ජස්ටින් බීබර් යනු ඉතාමත් දක්ෂ ගායකයෙක් වන නමුත් ඔහු මතභේදයට ලක් වූ විදේශීය ගායකයෙකි,” යනුවෙන් ද එම නිවේදනයේ සඳහන් වේ.

අමාත්‍යාංශය එම නිවේදනය නිකුත්කර තිබෙන්නේ සංස්කෘතික බියුරෝවේ වෙබ් අඩවිය හරහා එය භාවිතා කරන්නෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *